|
යක්කල මුල්ල පොලිසිය විසින් සිදුකල විමර්ශනයකින් ව්‍යාජ රුපියල් දෙදහසේ නෝට්ටු දෙකක් ළඟ තබා ගත් කාන්තාවක් සහ පිරිමි පුද්ගලයෙක් අත් අඩංගුවට ගෙන ඇත. මොවුන් දෙදෙනා මව සහ පුතා වන බව පොලිසිය අනාවරණය කරගෙන ඇත.
අත් අඩංගුවට ගනු ලැබූ පුද්ගලයා පසුගිය 28 වනදා යක්කලමුල්ල ප්‍රදේශයේ වෙළඳ සැලකින් රුපියල් දෙදහසේ නෝට්ටුවක් ලබා දී දුරකථන කාඩ් පත් මිලදී ගෙන ඇත. පසුව එම දෙදහසේ නෝට්ටුව වෙළඳසල හිමි කාන්තාව විසින් යක්කලමුල්ල පොලිසියට ඉදිරිපත් කර තිබේ.
පසුව වෙනත් මුදල් ආරවුලක් සම්බන්දයෙන් පොලිසිය විසින් ඉහත සැකකරුගෙන් සිදු කල ප්‍රශ නකිරීම් වලදී ඔහු අදාල වෙළඳ සැලට ව්‍යාජ මුදල් නෝට්ටුවක් දුන් බව පිළිගෙන ඇත.
අනතුරුව ඔහුගේ මව වන කාන්තාව එම ස්ථානයට පැමිණ ඇති අතර එහිදී ඇයගෙන් සිදුකරන ලද ප්‍රශ්න කිරීම් වලට අනුව සැකකරුගේ ත්‍රි රෝධරථයේ තිබී තවත් රුපියල් දෙදහසේ නෝට්ටුවක් සොයා ගෙන ඇත.
පොලිසිය විසින් මොවුන් දෙදෙනාම අත් අඩංගුවට ගෙන් ඇති අතර වැඩි දුර විමර්ශන කටයුතු සඳහා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට භාර දී ඇත. |
Post a Comment