Headlines News :

කෝටි පහේ ඉඩම් වංචාවට ආරච්චිකට්ටුව ප්‍රා.සභාපති අල්ලයි

හොර ඔප්පු හැදුවේ අක්: 48ක රජයේ ඉඩමකට
2013 නොවැම්බර්  26  12:25  a.m
ආයෝජන මණ්ඩල ව්‍යාපෘතියක් සඳහා ලංකාවට පැමිණි බෙල්ජියම් ජාතිකයෙකුට ව්‍යාජ ඔප්පුවක් සකස්කොට ඉඩමක් විකුණා රුපියල් කෝටි 5ක මුදලක් ගැනීමේ සිද්ධියක් සම්බන්ධයෙන් ආරච්චිකට්ටුව ප්‍රාදේශීය සභා සභාපතිවරයාව ඇතුළු තිදෙනකු ඊයේ (25) සවස රහස් ‍පොලිස් නිලධාරීන් කණ්ඩායමක් විසින් අත්අඩංගුවට ගෙන ඇත. මේ සිද්ධියට සම්බන්ධව තව සැකකරුවන් දෙදෙනකු අත්අඩංගුවට ගැනීමට නියමිතය. රජයට අයත් අක්කර 48ක ඉඩමක් ව්‍යාජ ඔප්පුවක් සකස් කොට බෙල්ජියම් ජාතිකයාට රුපියල් කෝටි 5කට විකිණීමේ සිද්ධියට අදාළව රහස් ‍පොලීසියට ලද පැමිණිල්ලකට අනුව ඔවුන් ප්‍රාදේශීය සභා සභාපති ජගත් සමන්ත පෙරේරා අත්අඩංගුවට ගෙන තිබේ. රහස් ‍පොලිස් කණ්ඩායමක් කළ දීර්ඝ විමර්ශනයකින් පසු ප්‍රාදේශීය සභා සභාපතිවරයාව පුත්තලමේදී අත්අඩංගුවට ගෙන ඇත. සැකකරුවන් තිදෙනා අද (26) ගංගොඩවිල මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි.
ගයාන් කුමාර වීරසිංහ, ජූඩ් සමන්ත - පුත්තලම

Post a Comment

 
Support : Creating Website | MC Template | MC Template
Copyright © 2011. sl24Breakingnews - All Rights Reserved
Template Created by Creating Website Published by MCNETWORK
Proudly powered by MC