රාජපක්ෂලාටවත් - වික්රමසිංහලාටවත් අපි කඩේ යන්නේ නෑ
December 10, 2015 04:47 pm
රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය රාජපක්ෂලාටවත් වික්රමසිංහලාටවත් කඩේ යන සංගමයක් නොවන බව එහි ලේකම් වෛද්‍ය නලින්ද හේරත් මහතා පවසයි.
තම සංගමය කඩේ යන්නේ සාමාජිකයින්ගේ ප්‍රශ්න වෙනුවෙන් පමණක් යැයිද ඒ මහතා අවධාරණය කරයි.
අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පාර්ලිමේන්තුවේදී රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය සම්බන්ධයෙන් ඊයේ කළ ප්‍රකාශ පදනම් කර ගනිමින් ඊට පිළිතුරු ලබාදීම සඳහා අද පැවැත්වූ මාධ්‍ය හමුවකදී ඒ මහතා මේ බව පැවසීය.
එහිදී ඔහු කියා සිටියේ ඉකුත් රජය සමයේ වෘත්තීය සමිති ක්‍රියාමාර්ගවලට විරුද්ධව කතා කළේ එස්.බී, මර්වින් වැනි පුද්ගලයින් බවයි.
එසේ වුවද වත්මන් රජයේ ඉහළ පෙළේ තනතුරක් දරන කෙනෙක් මේ අකාරයට සිය වෘත්තීය ක්‍රියාමාර්ග විවේචනය කිරීම අනුමත කළ නොහැකි බව පෙන්වාදුන්නේය.
එසේම මහින්ද රාජපක්ෂ ආණ්ඩුව සමයේ අනුරුද්ධ පාදෙනිය මහතා කලක් විදේශ ගතව සිටි බවත්, 2008 -2010 කාලයේදී වෛද්‍ය සංගමයේ විධායක සභාවක් නොතිබූ බවත්, මේ නිසා තීන්දු තීරණ ගැනීමට නොහැකි වූ බවත්, පැවසීය.
තවද එවකට පැවති යුදමය වාතාවරණය හමුවේ ඉල්ලීම් දිනාගැනීමට අවධානයක් යොමු නොකළ බවද මෙහිදී ප්‍රකාශ කෙරිණ.
මාධ්‍ය හමුව ඇමතු එහි මාධ්‍ය ප්‍රකාශක වෛද්‍ය නවීන්ද සොයිසා මහතා පැවසුවේ රාජපක්ෂ ජනපතිගේ කාලයේදීත් අනුරුද්ධ පාදෙණියගේ ෆයිල් ඇද්ද බවයි.
මේ නිසා පාදෙණිය මහතාට විරුද්ධව කටයුතු කළ පළමු අවස්ථාව මෙය නොවන බවද ඔහු පැවසීය.
තමන් මෙවර අය වැයෙන් කිසිවක් ඉල්ලා නොසිටි බවත්, පෙනී සිටියේ වෛද්‍යවරුන්ට හිමිව තිබූ වරප්‍රසාද අහිමි කිරීමට එරෙහිව බවත්, හෙතෙම කීවේය.
තවද ලිච්ඡවී ධර්මය ආරක්ෂා කරමින් නිතරම, රැස්වන, සමගිව කතා බහ කරන, සමගිව විසිරයන, තීන්දු තීරණ ගන්නා වෘත්තීය සමිතියක් ලෙස වෛද්‍ය සංගමය කටයුතු කරන බවද ඔහු පැවසීය.
අගමැතිවරයා වටා සිටින අය වැය සම්පාදකයින්ගේ තීන්දු තීරණ මෙම සියලු ගැටලුවලට හේතුව යැයිද කෙසේ හෝ රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ මධ්‍යම කාරක සභාව රැස්වී මේ ගැන තීන්දුවක් ගැනීමට නියමිත බවද එම මාධ්‍ය හමුවේදී අවධාරණය කෙරිණ.
මෙම මාධ්‍ය හමුවෙන් අනතුරුව පැවැති දීප ව්‍යාප්ත සේවා ඒකාබද්ධ කමිටුවේ මාධ්‍ය හමුවේදී අදහස් දැක්වූ එහි සභාපති වෛද්‍ය නිමල් කරුණාසිරි මහතා පැවසුවේ අගමැතිවරයා පාර්ලිමේන්තුවේදි ඊයේ කළ ප්‍රකාශය ඉවත් කර ගත යුතු බවයි.
එම ප්‍රකාශය වෛද්‍යවරුන්ට ජීවිත තර්ජන පවා සිදුකරන්නක් බවද හෙතෙම කියා සිටියේය.

Post a Comment