වැස්ස නිසා ඩෙංගු අවදානම ඉහළ යයි
December 11, 2015 08:57 am
පවතින වැසි සහිත කාලගුණික තත්ත්වය හේතුවෙන් ගත වු දින 10 තුළ කොළඹ මහ නගර සභා බල ප්‍රදේශය තුළ ඩෙංගු රෝගීන් වාර්තා වීම ඉහළ ගොස් තිබේ.
කොළඹ මහ නගර සභා ප්‍රධාන වෛද්‍ය නිලධාරී රුවන් විජේමුණි මහතා ප්‍රකාශ කළේ ඩෙංගු මදුරුවන් බෝ වන ස්ථාන පරීක්ෂා කිරීම සඳහා වැඩපිළිවෙළක් ක්‍රියාත්මක වන බවයි
මේ අතර ලොව ප්‍රථම ඩෙංගු රෝග මර්දන එන්නත සඳහා මෙක්සිකෝව අනුමැතිය ලබාදී තිබේ.



Post a Comment