Headlines News :

වැස්ස නිසා ඩෙංගු අවදානම ඉහළ යයි

වැස්ස නිසා ඩෙංගු අවදානම ඉහළ යයි
December 11, 2015  08:57 am


පවතින වැසි සහිත කාලගුණික තත්ත්වය හේතුවෙන් ගත වු දින 10 තුළ කොළඹ මහ නගර සභා බල ප්‍රදේශය තුළ ඩෙංගු රෝගීන් වාර්තා වීම ඉහළ ගොස් තිබේ.

කොළඹ මහ නගර සභා ප්‍රධාන වෛද්‍ය නිලධාරී රුවන් විජේමුණි මහතා ප්‍රකාශ කළේ ඩෙංගු මදුරුවන් බෝ වන ස්ථාන පරීක්ෂා කිරීම සඳහා වැඩපිළිවෙළක් ක්‍රියාත්මක වන බවයි

මේ අතර ලොව ප්‍රථම ඩෙංගු රෝග මර්දන එන්නත සඳහා මෙක්සිකෝව  අනුමැතිය ලබාදී තිබේ.

ඩෙංග්වැක්සියා(Dengvaxia) නැමති මෙම එන්නත නිපදවා තිබෙන්නේ ප්‍රංශ ඖෂධ දැවැන්තයා වන සැනොෆි (sanofi) විසින් බව පැවසෙයි.

එම සමාගම මගින් ආසියානු සහ ලතින් ඇමරිකානු රටවල් 20ක අනුමැතිය සඳහා මෙම එන්නත යොමු කළත් පළමු ප්‍රතිචාරය දක්වා ඇත්තේ මෙක්සිකෝවයි.

මෙක්සිකෝවේ සිය ගණනින්ද ලොව පුරා මිලියන ගණනින්ද ඩෙංගු රෝගය නිසා සිදු වන වාර්ෂික මරණ සංඛ්‍යාව, මෙම එන්නත මගින් වළක්වා ගත හැකි බව වි‍ශ්වාස කෙරෙයි.

ලෝක සෞඛ්‍ය සංවිධානයට අනුව මදුරුවන්ගෙන් බෝවන රෝග අතර ඉතා ඉක්මනින් පැතිර යන රෝගය ඩෙංගු වන අතර ගෝලීය වශයෙන් වාර්ෂිකව ඩෙංගු රෝගයට ගොදුරු වන ප්‍රමාණය මිලියන 400ක් පමණ වේ.

Post a Comment

 
Support : Creating Website | MC Template | MC Template
Copyright © 2011. sl24Breakingnews - All Rights Reserved
Template Created by Creating Website Published by MCNETWORK
Proudly powered by MC