විමර්ශනයට කොළඹින් කණ්ඩායමක්
මාධ්‍යවේදී ප්‍රගීත් එක්නැලිගොඩ අතුරුදන්වීමේ සිද්ධියට අදාළව අධිකරණයෙන් ලබා දුන් නියෝග යුද හමුදාපතිවරයා නොපිළිපදින්නේ නම් ඔහු විත්තිකරුවකු කරමින් යුද හමුදාපතිවරයාට නඩු පවරන බවට හෝමාගම මහෙස්ත්‍රාත්වරයා දැනුම් දීමත් සමග හමුදාපති නියමයෙන් ගිරිතලේ තුන්වැනි සන්නද්ධ බුද්ධි බළකා කඳවුරට ඊයේ (12) පෙරවරුවේ සීල් තබා ඇත.
මේ අනුව ගිරිතලේ සන්නද්ධ බුද්ධි බළකා කඳවුරේ සිටි බුද්ධි නිලධාරීන් හා සෙසු නිලධාරීන් එම කඳවුරේ බුද්ධි රාජකාරිවලින් ඉවත් කර එම කඳවුරේ ආරක්ෂාව මින්නේරියේ සිට යැවූ යුද හමුදා පොලිස් කණ්ඩායමකට පවරා ඇත. මීට අමතරව කොළඹ සිට වෙනමම විමර්ශන කණ්ඩායමක් කඳවුරට පිටත් කර තිබේ.
විමර්ශන කටයුතු සඳහා යුද හමුදා පොලිස් කණ්ඩායමක් හා යුද හමුදා නීති ශාඛාවේ කණ්ඩායමක්ද ඇතුළත් වේ. එම නිලධාරීන් හට ගිරිතලේ බුද්ධි බළකා කඳවුරේ ඇති ලිපිගොනු පරීක්ෂා කර විමර්ශන කිරීමට උපදෙස් දී ඇතැයි නැගෙනහිර හමුදා ප්‍රධානියෙක් අනාවරණය කළේය.
2009 වසරේ සිට 2012 වසර දක්වා ගිරිතලේ කඳවුරේ සේවය කළ සියලුම නිලධාරීන් හා සෙසු නිලයන් හට ගිරිතලේ හමුදා කඳවුර වෙත පැමිණ යුද හමුදා පොලිසිය වෙත ප්‍රකාශ ලබාදෙන ලෙසද හමුදා මූලස්ථානයෙන් ඊයේ (12) නියෝග කර තිබේ.
යුද හමුදා ඉතිහාසයේ මෙවැනි සිදුවීමක් වූ පළමු වතාව මෙය බවත් මිලේනියම් සිටි විමර්ශනයේදීවත් හමුදා කඳවුරුවලට සීල් තැබිමක් වාර්තා නොවූ බවත් යුද හමුදාවේ ජ්‍යෙෂ්ඨ නිලධාරීහු කිහිප දෙනෙක් සඳහන් කළහ.
මෙය ජාතික ආරක්ෂාවට තර්ජනයක් විය හැකි බවත් බුද්ධි අංශ නිලධාරීන් මානසිකව ඇද වැටීම මගින් බුද්ධි බළකාය අර්බුදයකට ලක්විය හැකි බවත් එකී නිලධාරීහු අවධාරණය කළහ.
ගිරිතලේ සන්නද්ධ බුද්ධි බළකා කඳවුර විසින් පවත්වාගෙන ගිය ලේඛන 14කට අදාළ තොරතුරු පැමිණිල්ල වෙත ලබාදෙන ලෙසට දන්වමින් ඉකුත් සැප්තැම්බර් 28දා අධිකරණය මගින් යුද හමුදාපතිවරයා වෙත ලබාදී තිබූ නියෝගයකට මතෛක් නිසි ප්‍රතිචාරයක් නොදක්වා අවිධිමත් නොමග යවන සුලු අසම්පූර්ණ ලේඛන ඉදිරිපත් කරමින් සිටින බවට රජයේ ජ්‍යෙෂ්ඨ අධිනීතිඥ දිලීප පීරිස් මහතා හෝමාගම අධිකරණයේදී පෙරේදා (11) කරුණු දැක්වීය.
ඒ අනුව අධිකරණ නියෝග කඩකර ඇත්නම් යුද හමුදාපතිවරයා විත්තිකරුවකු කර නඩු පැවරිය හැකි බව හෝමාගම මහෙස්ත්‍රාත් රංග දිසානායක මහතා පෙරේදා (11) අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට දැන්වීය.
යුද හමුදාපති ලුතිනන් ජෙනරාල් ක්‍රිෂාන්ත ද සිල්වා විසින් එකී සිදුවීමෙන් පසුව මෙසේ ගිරිතලේ කඳවුරට සීල් තබා ඇත.
තිස්ස රවීන්ද්‍ර පෙරේරා

Post a Comment