Headlines News :
SL 24 Breakingn News. Powered by Blogger.

    ධම්මාලෝක හිමි රෝහලේ : රහස් පොලිසිය රෝහල ළඟ

    බලපත්‍ර රහිතව අලි පැටවකු තබා ගත්තැයි කියන සිද්ධියක් සම්බන්ධයෙන් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී උඩුවේ ධම්මාලෝක හිමියන්ගෙන් ප්‍රකාශයක් ගැනීමට රහස් පොලිස් කණ්ඩායමක් අද (13) රාත්‍රී කොළඹ නවලෝක රෝහලට ගිය බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක සහකාර පොලිස් අධිකාරී රුවන් ගුණසේකර මහතා පැවසීය.
    රාත්‍රී 10.30 වන විටත් ධම්මාලොක හිමියන්ගෙන් ප්‍රකාශයක් සටහන් කරගෙන නොතිබුණු අතර රහස් පොලිස් නිලධාරීහු රෝහල අසල සිටියහ.
    බලපත් රහිතව අලි පැටවකු තබා ගැනීම සම්බන්ධ නඩුව බ්‍රහස්පතින්දා  (14)ට කැඳවීමට නියමිත බවත්, ඒ සම්බන්ධයෙන් ප්‍රකාශයක් ගැනීමට අද (13) උදේ ධම්මාලෝක හිමියන් රහස් පොලිසියට කැඳවූ බවත්, අසනීප තත්ත්වයක් නිසා බෙහෙත් ගෙන ප්‍රකාශයක් දීමට එන ලෙස ඒ හිමියන් දැනුම් දුන් බවත්, ධම්මාලෝක හිමියන් නොපැමිණි නිසා රහස් පොලිසිය නවලෝක රෝහලට ගිය බවත් පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා ලංකාදීපයට කීවේය.

    භික්ෂූන් වහන්සේලාට නීති ලැයිස්තුවක් එයි

    ගුරුකම් කරන්න බෑ,
    වාහන ඩ්‍රයිව් කරන්න බෑ,
    රජයේ හෝ ප්‍රයිවට් ජොබ් කරන්න බෑලු
    ත්‍රෛනිකායික භික්‍ෂූන් වහන්සේලාගේ හැසිරීම හා විනය කරුණු පිළිබඳ විධිවිධාන පනවමින් ථෙරවාදී භික්‍ෂු කතිකාවක්‌ ලියාපදිංචි කිරීම සඳහා වන පනත් කෙටුම්පතක්‌ පාර්ලිමේන්තු ප්‍රතිසංස්‌කරණ හා ජනමාධ්‍ය ඇමැති, ආණ්‌ඩු පක්‍ෂයේ ප්‍රධාන සංවිධායක ගයන්ත කරුණාතිලක මහතා විසින් ඊයේ (12දා) පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර ඇති බවට පුවත්පත් වාර්තාවල දැක්වෙනවා.
    මෙම පනත් කෙටුම්පතට අනුව ගුප්ත විද්‍යා කටයුතු හෝ ඊට සමාන කටයුතුවල නියෑළීම හෝ කරගෙන යැම සහ එම කටයුතුවලට ප්‍රචාරය ලබාදීම ද ත්‍රෛනිකායික භික්‍ෂූන් වහන්සේලාට දඬුවම් ලබා දිය හැකිය.
                                       


    එමෙන්ම වෙළෙඳ හෝ ව්‍යාපාරික කටයුතුවලට සම්බන්ධ වී කටයුතු කිරීම, රියෑදුරු බලපත්‍රයක්‌ ලබා ගැනීම සහ වාහන පැදවීම භික්‍ෂූන් වහන්සේට කළ නොහැකිය. එමෙන්ම අධ්‍යාපනය, සමාජ සේවා හෝ ආගමික කටයුතු යන ක්‍ෂේත්‍රවල හැර රාජ්‍ය හෝ පෞද්ගලික අංශයේ යම් රැකියාවක නියුක්‌ත වීමට ත්‍රෛනිකායික භික්‍ෂූන් වහන්සේලාට හැකියාවක්‌ නොමැත.
    ප්‍රසිද්ධ ස්‌ථානවල බෞද්ධ භික්‍ෂූන් වහන්සේ නමකට අකැප අයුරින්, භික්‍ෂු විනයට පටහැනි ක්‍රියාවන්හි නියෑළීමද දඬුවම් ලැබිය හැකි වරදකි. එකී වැරදි සඳහා දඬුවමද අදාළ කතිකාවක ඇතුළත් කළ හැකි බව පනත් කෙටුම්පතේ දක්‌වා ඇත.
    ඒ අනුව ඉහත වරදට ලැබෙන දඬුවම් මෙසේය.
    වැඩ සිටින විහාරස්‌ථානයෙන් එම භීක්‍ෂූන් වහන්සේ තාවකාලිකව හෝ ස්‌ථීරව ඉවත් කිරීම, විහාරාධිපති ධුරයෙන් තාවකාලිකව හෝ ස්‌ථීරව ඉවත් කිරීම, ශිෂ්‍යභාවයෙන් ඉවත් කිරීම, අදාළ නිකායෙන් හෝ පාර්ශවයෙන් ඉවත් කිරීම සහ භික්‍ෂු ලියාපදිංචිය අවලංගු කිරීම අදාළ වරදට දඬුවම්ය.
    මෙම පනත් කෙටුම්පතට අනුව එක්‌ එක්‌ ථෙරවාදී භික්‍ෂු නිකායේ හෝ පාර්ශවයේ කාරක සංඝ සභාව විසින් එම නිකායට හෝ පාර්ශවයට අදාළ කතිකාවක්‌ සකස්‌ කර සම්මත කර ගත යුතුය. ඉන් පසු එය එකී නිකායේ හෝ පාර්ශවයේ මහානායක හිමියන් විසින් අත්සන් කළ ප්‍රකාශයක්‌ සමඟ බෞද්ධ කටයුතු කොමසාරිස්‌වරයා වෙත ලියාපදිංචිය සඳහා යොමු කළ යුතුය.
    බෞද්ධ කටයුතු කොමසාරිස්‌වරයා විසින් එය විශේෂඥ මණ්‌ඩලයත් වෙත ඉදිරිපත් කරනු ලබයි. මෙම විශේෂඥ මණ්‌ඩලය බෞද්ධ භික්‍ෂූන් වහන්සේලා තුන් නමකගෙන්, බෞද්ධ භික්‍ෂූන් වහන්සේට අදාළ විනය රීති පිළිබඳ දැනුම ඇති නීතිඥවරුන් දෙදෙනෙකුගෙන් සමන්විත විය යුතු බවද පනත් කෙටුම්පතේ දක්‌වා තිබේ.
    විශේෂඥ මණ්‌ඩලයේ සහතිකය ලබා දුන් පසු බෞද්ධ කටයුතු කොමසාරිස්‌වරයා විසින් අදාළ කතිකාවත ලියාපදිංචි කළ යුතුය.
    ඉන් පසු මෙම කතිකාවතේ විධිවිධාන එකී නිකායට හෝ පාර්ශවයට අයත් සෑම භික්‍ෂූන් වහන්සේ නමකටම අදාළ විය යුතුය. එකී කතිකාවතේ විධිවිධාන එම භික්‍ෂූන් වහන්සේ විසින් දැඩිව පිළිපැදිය යුතු බවද, ඊට අනුකූලව හැසිරිය යුතු බවද පනත් කෙටුම්පතේ සඳහන්ය.
    මෙම කතිකාවතේ සඳහන් කලින් සඳහන් කළ විධිවිධාන භික්‍ෂූන් වහන්සේ නමක්‌ විසින් උල්ලංඝනය කළොත් අදාළ නිකායේ හෝ පාර්ශවයේ කාරක සංඝ සභාව විසින් පරීක්‍ෂණයක්‌ පැවැත්විය යුතුය. චෝදනා ලත් භික්‍ෂූන් වහන්සේටද කරුණු ඉදිරිපත් කිරීමට අවස්‌ථාව හිමි වේ.
    චෝදනාවන්ට වරදකරු වන යම් භික්‍ෂූන් වහන්සේ නමකට කාරක සංඝ සභාව විසින් නියම කරන පෙරකී දඬුවම් පිළිපැදීම එම භික්‍ෂූන්වහන්සේ විසින් ප්‍රතික්‍ෂේප කරන්නේ නම් පනත යටතේද එම භික්‍ෂුව වරදකරු කර මහෙස්‌ත්‍රාත්වරයකු හමුවට ඉදිරිපත් කර රුපියල් පනස්‌ දහසකට නොඅඩු දඩයක්‌, හෝ මාස හයකට නොවැඩි සිර දඬුවමක්‌ හෝ එම දඬුවම් දෙකම හෝ ලබා දිය හැකිය.
    යම් කිසි ලෙසකින් වරදකරුවකු වන භික්‍ෂූන් වහන්සේ නමක්‌ වෙනත් නිකායක්‌ හෝ පාර්ශවයක්‌ විසින් භාර ගැනීම හෝ භික්‍ෂුවක්‌ ලෙස ලියාපදිංචි කිරීම නොකළ යුතු බවද පනත් කෙටුම්පතේ දක්‌වා තිබේ.
    පනත් කෙටුම්පතේ විධි විධාන ක්‍රියාත්මක කිරීමේදී හෝ එය බලාත්මක කිරීමේදී ත්‍රෛනිකායික මහ නාහිමියන්ගේ තීරණය පරිදි භික්‍ෂූන් වහන්සේලාගේ සිවුරේ වර්ණය නියමිතව දැක්‌වීම සඳහා ද බෞද්ධ විෂය ඇමැතිවරයාට නියෝග සැදිය හැකිය.
    මෙම පනත් කෙටුම්පත ශ්‍යාමෝපාලි මහා නිකාය, ශ්‍රී ලංකා අමරපුර මහා නිකාය සහ ශ්‍රී ලංකා රාමඤ්ඤ මහා නිකාය යන ථෙරවාදී සම්ප්‍රදායට අනුකූල තුන් නිකාය සහ එම නිකායන් යටතේ පිහිටුවන ලද පාර්ශවයන්ට අදාළ වන බවද සඳහන්ය.
    මෙම පනත් කෙටුම්පතට අදාළ විවාදය ඉදිරි දිනක පැවැත්වීමට නියමිතය.

    සරත් ද ආබෘෘට ඇප



    නිවසේ මෙහෙකාරිය අපයෝජනය කලේ යැයි කියන චොදනාව මත කොළඹ   මහාධිකරණයේ විභාග වන නඩුව සදහා හිටපු ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු සරත් ද ආබෘෘ  මහතා  අද 12 අධිකරණයේ පෙනී සිට ඇප ලබා ගැනීමෙන්  පසු අධිකරණ භූමියෙන් පිටව ගිය අයුරු. (ඡායාරූප – ප්‍රදීප් දඹරගේ)




    ගිරිත‍ලේ බුද්ධි බළකා කඳවුරට සීල්

    විමර්ශනයට කොළඹින් කණ්ඩායමක්


    මාධ්‍යවේදී ප්‍රගීත් එක්නැලිගොඩ අතුරුදන්වීමේ සිද්ධියට අදාළව අධිකරණයෙන් ලබා දුන් නියෝග යුද හමුදාපතිවරයා නොපිළිපදින්නේ නම් ඔහු විත්තිකරුවකු කරමින් යුද හමුදාපතිවරයාට නඩු පවරන බවට හෝමාගම මහෙස්ත්‍රාත්වරයා දැනුම් දීමත් සමග හමුදාපති නියමයෙන් ගිරිත‍ලේ තුන්වැනි සන්නද්ධ බුද්ධි බළකා කඳවුරට ඊයේ (12) පෙරවරුවේ සීල් තබා ඇත.
    මේ අනුව ගිරිත‍ලේ සන්නද්ධ බුද්ධි බළකා කඳවුරේ සිටි බුද්ධි නිලධාරීන් හා සෙසු නිලධාරීන් එම කඳවුරේ බුද්ධි රාජකාරිවලින් ඉවත් කර එම කඳවුරේ ආරක්ෂාව මින්නේරියේ සිට යැවූ යුද හමුදා ‍පොලිස් කණ්ඩායමකට පවරා ඇත. මීට අමතරව කොළඹ සිට වෙනමම විමර්ශන කණ්ඩායමක් කඳවුරට පිටත් කර තිබේ.
    විමර්ශන කටයුතු සඳහා යුද හමුදා ‍පොලිස් කණ්ඩායමක් හා යුද හමුදා නීති ශාඛාවේ කණ්ඩායමක්ද ඇතුළත් වේ. එම නිලධාරීන් හට ගිරිත‍ලේ බුද්ධි බළකා කඳවුරේ ඇති ලිපිගොනු පරීක්ෂා කර විමර්ශන කිරීමට උපදෙස් දී ඇතැයි නැගෙනහිර හමුදා ප්‍රධානියෙක් අනාවරණය කළේය.
    2009 වසරේ සිට 2012 වසර දක්වා ගිරිත‍ලේ කඳවුරේ සේවය කළ සියලුම නිලධාරීන් හා සෙසු නිලයන් හට ගිරිත‍ලේ හමුදා කඳවුර වෙත පැමිණ යුද හමුදා ‍පොලිසිය වෙත ප්‍රකාශ ලබාදෙන ලෙසද හමුදා මූලස්ථානයෙන් ඊයේ (12) නියෝග කර තිබේ.
    යුද හමුදා ඉතිහාසයේ මෙවැනි සිදුවීමක් වූ පළමු වතාව මෙය බවත් මි‍ලේනියම් සිටි විමර්ශනයේදීවත් හමුදා කඳවුරුවලට සීල් තැබිමක් වාර්තා නොවූ බවත් යුද හමුදාවේ ‍‍‍ජ්‍යෙෂ්ඨ නිලධාරීහු කිහිප දෙනෙක් සඳහන් කළහ.
    මෙය ජාතික ආරක්ෂාවට තර්ජනයක් විය හැකි බවත් බුද්ධි අංශ නිලධාරීන් මානසිකව ඇද වැටීම මගින් බුද්ධි බළකාය අර්බුදයකට ලක්විය හැකි බවත් එකී නිලධාරීහු අවධාරණය කළහ.
    ගිරිත‍ලේ සන්නද්ධ බුද්ධි බළකා කඳවුර විසින් පවත්වාගෙන ගිය ‍ලේඛන 14කට අදාළ තොරතුරු පැමිණිල්ල වෙත ලබාදෙන ලෙසට දන්වමින් ඉකුත් සැප්තැම්බර් 28දා අධිකරණය මගින් යුද හමුදාපතිවරයා වෙත ලබාදී තිබූ නියෝගයකට මතෛක් නිසි ප්‍රතිචාරයක් නොදක්වා අවිධිමත් නොමග යවන සුලු අසම්පූර්ණ ‍ලේඛන ඉදිරිපත් කරමින් සිටින බවට රජයේ ‍‍‍ජ්‍යෙෂ්ඨ අධිනීතිඥ දිලීප පීරිස් මහතා හෝමාගම අධිකරණයේදී පෙරේදා (11) කරුණු දැක්වීය.
    ඒ අනුව අධිකරණ නියෝග කඩකර ඇත්නම් යුද හමුදාපතිවරයා විත්තිකරුවකු කර නඩු පැවරිය හැකි බව හෝමාගම මහෙස්ත්‍රාත් රංග දිසානායක මහතා පෙරේදා (11) අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට දැන්වීය.
    යුද හමුදාපති ලුතිනන් ජෙනරාල් ක්‍රිෂාන්ත ද සිල්වා විසින් එකී සිදුවීමෙන් පසුව මෙසේ ගිරිත‍ලේ කඳවුරට සීල් තබා ඇත.
    තිස්ස රවීන්ද්‍ර පෙරේරා

    රාජපක්ෂලාටවත් - වික්‍රමසිංහලාටවත් අපි කඩේ යන්නේ නෑ


    රාජපක්ෂලාටවත් - වික්‍රමසිංහලාටවත් අපි කඩේ යන්නේ නෑ
    December 10, 2015  04:47 pm


    රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය රාජපක්ෂලාටවත් වික්‍රමසිංහලාටවත් කඩේ යන සංගමයක් නොවන බව එහි ලේකම් වෛද්‍ය නලින්ද හේරත් මහතා පවසයි.




    රාජපක්ෂලාටවත් - වික්‍රමසිංහලාටවත් අපි කඩේ යන්නේ නෑ

    වැස්ස නිසා ඩෙංගු අවදානම ඉහළ යයි


    වැස්ස නිසා ඩෙංගු අවදානම ඉහළ යයි
    December 11, 2015  08:57 am


    පවතින වැසි සහිත කාලගුණික තත්ත්වය හේතුවෙන් ගත වු දින 10 තුළ කොළඹ මහ නගර සභා බල ප්‍රදේශය තුළ ඩෙංගු රෝගීන් වාර්තා වීම ඉහළ ගොස් තිබේ.

    කොළඹ මහ නගර සභා ප්‍රධාන වෛද්‍ය නිලධාරී රුවන් විජේමුණි මහතා ප්‍රකාශ කළේ ඩෙංගු මදුරුවන් බෝ වන ස්ථාන පරීක්ෂා කිරීම සඳහා වැඩපිළිවෙළක් ක්‍රියාත්මක වන බවයි

    මේ අතර ලොව ප්‍රථම ඩෙංගු රෝග මර්දන එන්නත සඳහා මෙක්සිකෝව  අනුමැතිය ලබාදී තිබේ.

    වැස්ස නිසා ඩෙංගු අවදානම ඉහළ යයි



    අම්මයි පුතයි දෙන්නම හොර සල්ලි ජාවාරමේ


    2013-12-02 08:39

    අම්මයි පුතයි
     දෙන්නම හොර සල්ලි ජාවාරමේ
    යක්කල මුල්ල පොලිසිය විසින් සිදුකල විමර්ශනයකින් ව්‍යාජ රුපියල් දෙදහසේ නෝට්ටු දෙකක් ළඟ තබා ගත් කාන්තාවක් සහ පිරිමි පුද්ගලයෙක් අත් අඩංගුවට ගෙන ඇත. මොවුන් දෙදෙනා මව සහ පුතා වන බව පොලිසිය අනාවරණය කරගෙන ඇත.

    අත් අඩංගුවට ගනු ලැබූ පුද්ගලයා පසුගිය 28 වනදා යක්කලමුල්ල ප්‍රදේශයේ වෙළඳ සැලකින් රුපියල් දෙදහසේ නෝට්ටුවක් ලබා දී දුරකථන කාඩ් පත් මිලදී ගෙන ඇත. පසුව එම දෙදහසේ නෝට්ටුව වෙළඳසල හිමි කාන්තාව විසින් යක්කලමුල්ල පොලිසියට ඉදිරිපත් කර තිබේ.

                                    අම්මයි පුතයි දෙන්නම හොර සල්ලි ජාවාරමේ



     
    Support : Creating Website | MC Template | MC Template
    Copyright © 2011. sl24Breakingnews - All Rights Reserved
    Template Created by Creating Website Published by MCNETWORK
    Proudly powered by MC